නූතන කෘෂි තාක්‍ෂණ ක‍්‍රම වල මූලධර්ම
- ජලයේ උපයෝගීතාවය ප‍්‍රශස්ථ කර ගැනීම. ජල ඒකකයකට වඩාත්ම කෘෂි නිපැයුමක් ලබා ගැනීමට උත්සහ ගත යුතුය.
- පසෙහි පෝෂක හා පෝෂක යෙදවුම් වල ප‍්‍රශස්ථ උපයෝගීතාවය ලබමින් පෝෂක ඒකකයට නිපැයෙන වියලි බර වැඩි කර ගැනීම.
- පසෙහි සරු බව හැකිතාක් දුරට වැඩි කර ගැනීම.
- බෝග වගාවේදී මතුවන ස්වභාවික බාධා මගහරවා ගැනීමට (උදා: නිසරු පස)
- අධි තාක්‍ෂණික ක‍්‍රම වන ජල වගාව, වායු වගාව, ආරක්‍ෂිත බෝග වගාව ආදිය භාවිතා කිරීම (අයහපත් කාලගුණ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා).
- පැලෑටි වර්ධනයට ප‍්‍රශස්ථ පරිසරයක් ඇතිකර ගැනීම. මේ සඳහා තුලිත වූ යෙදවුම්, අපතේ යාම් අඩු කර ගැනීම්, වල් පැල ගහනය අඩු කර ගැනීම් ආදියට අවධානය යොමු වෙයි.